About

අප ගැන

සුව දිවිය යනු ශ්‍රී ලාංකිකයන් සඳහා සෞඛ්‍ය තොරතුරු සරල සිංහලෙන් ඉදිරිපත් කිරීමේ අරමුණින් ආරම්භ කළ වෙබ් අඩවියකි. අපගේ Facebook පිටුව හරහා දිනපතා බෙදාගන්නා සෞඛ්‍ය තොරතුරු, මෙහිදී වඩා සවිස්තරව කියවීමට ඔබට හැකිය.

අපගේ අරමුණ

ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන රෝග තත්ත්වයන් වන දියවැඩියාව, හෘද රෝග සහ වකුගඩු රෝග පිළිබඳවත්, නිවැරදි ආහාර පුරුදු පිළිබඳවත් පැහැදිලි, තේරුම් ගැනීමට පහසු තොරතුරු සැමට ලබා දීම අපගේ අරමුණයි.

අප ආවරණය කරන මාතෘකා

  • ආහාර සහ පෝෂණය
  • දියවැඩියාව
  • හෘද සෞඛ්‍යය
  • වකුගඩු සෞඛ්‍යය

සුව දිවිය යනු?

සුව දිවිය යනු සෞඛ්‍ය තොරතුරු දැනුවත් කිරීමේ අරමුණින් ලියන ස්වාධීන ප්‍රකාශකයෙකි. එබැවින් මෙහි අඩංගු කිසිදු තොරතුරක් වෛද්‍ය උපදෙසක් ලෙස නොසැලකිය යුතුය.

තොරතුරු ලබාගන්නා මූලාශ්‍ර

ලිපි සකස් කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් විශ්වසනීය වෛද්‍ය මූලාශ්‍ර පරිශීලනය කිරීමට අපි උත්සාහ කරමු. හැකි සෑම විටම ලිපියේ අවසානයේ මූලාශ්‍ර සඳහන් කරමු.

අඩුපාඩුවක් දුටුවොත්

අප ලියූ කිසිදු තොරතුරක වැරදීමක් දුටුවහොත් කරුණාකර අපට දන්වන්න. පරීක්ෂා කර නිවැරදි කරමු.

ඊමේල්: suwadiwiyahelp@gmail.com

සුව දිවිය Facebook Page එකට එකතු වෙන්න

දිනපතා නව සෞඛ්‍ය තොරතුරු ඔබේ Facebook feed එකටම.

Follow Us